අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

සත්‍යය වන්නේ නිහතමානිකමයි

දෙවියන්වහන්සේ නිහතමානීකම මෙතරම් ඉහළින් අගය කරන්නේ මන්දැයි එක් දිනක් මෙනෙහි කරමින් සිටි, දහසයවන සියවසේ ඇවිලාහි තෙරේසා නමැති ඇදහිලිවන්තිය හදිසියේම පිළිතුර තේරුම් ගත්තාය: "එනම්, දෙවියන්වහන්සේ උත්තරීතර සත්‍යය වන අතර සත්‍යය වන්නේ නිහතමානිකමයි .... අප තුළ ඇති යහපත් කිසිවක් අපගෙන්ම හට නොගනියි. නමුත්, එය පැමිණෙන්නේ ගංගාවක් අසළ සිටුවන ලද ගසක් මෙන් ආත්මය තුළ පවතින කරුණාවේ ජලයෙන් සහ අපගේ කාර්යයන්වලට ජීවය දෙන සූර්යයාගෙන්"…

යතුර

ඔහුගේ සම්භාව්‍ය පොත වන “ද හියුමන් කන්ඩිෂන්” හෙවත් මනුෂ්‍ය ස්වභාවය යන්නෙහි තෝමස් කීටින් මෙම අමතක නොවන කථාව බෙදා ගනියි. තම නිවසේ යතුර නැතිවූ ගුරුවරයෙක් දෑත් සහ දෙදණ බිම තබා ගෙන තණකොළ අතරේ එය සොයමින් සිටියේය. ඔහුගේ ගෝලයින් ඔහු සොයන බව දුටු විට ඔවුනුත් මෙයට සම්බන්ධ වූ නමුත් අසාර්ථක වූහ. අවසානයේදී ඔහුගේ එක් බුද්ධිමත් ගෝලයෙක් “ගුරුතුමෙනි, යතුර නැති වූයේ කොතැනකද කියා…

විශ්වාසනීය ප්‍රේමයක්

“ඇයි මට ඒ ගැන හිතන එක නවත්වන්න බැරි?” මගේ හැඟීම් දුක, වරදකාරීත්වය, කෝපය සහ ව්‍යාකූලත්වයේ පටලැවිල්ලක් විය.

වසර ගණනාවකට පෙර සිත් රිදවන තීරණයක් ගත්තෙමි. එනම් මට සමීප කෙනෙකු සමග සබඳතා කපා හැරීමටයි. ඒ ගැඹුරින් සිත් රිදවන හැසිරීම් වලට ආමන්ත්‍රනය කිරීමට ගත් උත්සාහයන් ඉවත ලීම් හා ප්‍රතික්‍ෂේප කිරීම් නිසාවෙනි. අද ඇය නගරයට පැමිණ සිටින බව ඇසීමෙන් පසුව මගේ සිතුවිලි නැවත නැවතත්…

කැටයම් කරන ලද ශෝකය

දුර්ලභ සහ සුව කළ නොහැකි වූ මොළයේ පිළිකාවක් පිළිබඳව විනාශකාරී රෝග විනිශ්චයක් ගැන දැන ගැනීමෙන් පසුව කැරොලයින් අද්වීථිය සේවාවක් තුළින් නව බලාපොරොත්තුවක් සහ අරමුණක් සොයා ගත්තාය. එනම් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ස්වෙච්ඡා ඡායාරූප සේවාවක් පටන් ගැනීමෙනි. මෙම සේවාව මගින් පවුල් වලට ඔවුන්ගේ දරුවන් සමග ගත කළ අගනා අවස්ථාවන්ද ශෝකයේ මෙන්ම “එවැනි ස්ථානවල පවතී යැයි අපි…

දැනගැනීමේ සීමාවන් පසුකර යන්න

කෝවිඞ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස වෙනත් බොහෝ අය මෙන් ඔහුද ඉක්මණින් රැකියාවෙන් ඉවත් වන බව මගේ සැමියා දැනගත් දිනය දුෂ්කර දවසක් වුනි. දෙවියන්වහන්සේ අපගේ මූලික අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපි විශ්වාස කළ නමුත් එය සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය තවමත් භයානක විය.

මම මගේ අවුල් සහගත හැඟීම් සකස් කරමින් සිටීමේදී දහසය වන සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිදු වූ ප්‍රතිසංස්කරණයේ සිටි ප්‍රතිසංස්කරණවාදියෙක් වූ…

සැමරුම තෝරා ගැනීම

ලේඛක මර්ලින් මැක්එන්ටයර් “ඊර්ෂ්‍යයාවේ ප්‍රතිවිරුද්ධ පදය සැමරීම” බව මිතුරෙක්ගෙන් ඉගෙන ගැනීමේ කථාව බෙදා ගනියි. මෙම මිතුරියගේ ශාරීරික ආබාධ සහ දරුණු වේදනාවන් නිසා ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන් ඇගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීමේ හැකියාවන් සීමා වුවද ඇය මිය යන තෙක්ම “සෑම හමුවීමකම අගයක්” ගෙන එමින් ඉතා ඉහළින් ප්‍රීතිය තම ජීවිතයට එකතු කිරීමට සහ අන් සමග එය සැමරීමට සමත් වූවාය.

එම අවබෝධය “ඊර්ෂ්‍යයාවේ…

ක්‍රිස්තුස්වහන්සේ මෙන් පරිපූර්ණයි

“පරිපූර්ණවාදය යනු මම දන්නා ඉතාම භයානක වචනයකි” යනුවෙන් කැත්ලින් නොරිස් ලියයි. මතෙව් ශුභාරංචියේ විස්තර කර ඇති “පරිපූර්ණත්වය” සහ නූතන යුගයේ පරිපූර්ණභාවය අතර ඇති වෙනස කල්පනාකාරීව ඇය විස්තර කරයි. වර්තමානයේ පරිපූර්ණවාදය ඇය විස්තර කරන්නේ “අවශ්‍ය අවදානම් දැරීමට මිනිසුන්ව පසුබට කරන බරපතල මානසික පීඩාවක්” ලෙසය. මතෙව් භාවිතා කරන “පරිපූර්ණ” යන වචනයේ පරිවර්තනයේ ඇත්තම තේරුම වන්නේ පරිණත හෝ සම්පූර්ණ හෝ යන්නයි. නොරිස් අවසාන…

උතුම් ප්‍රඥාව

“ආත්මයේ තත්ත්වය සෑම පැත්තකින්ම පරීක්‍ෂා කිරීම සඳහා එfඬ්රාට මහත් ප්‍රඥාවක් සහ ඇස් දහසක් අවශ්‍යයයි” යනුවෙන් සභාවේ ආදරණීය පියෙක් වන ජෝන් ක්‍රිසොස්ටම් ලිවීය. ක්‍රිසොස්ටොම් මෙම වචන ලීවේ අධ්‍යාත්මික වශයෙන් අන් අයව හොඳින් රැක බලා ගැනීමේ සංකීර්ණතාවය පිළිබඳ සාකච්ඡාවේ කොටසක් ලෙසින්ය. කිසිවෙකුටත් සුව කිරීමට බල කළ නොහැකි හෙයින් අන් අයගේ හදවත් වෙතට ළඟා වීමට මහත් සහානුකම්පාවක් සහ දයානුකම්පාවක් අවශ්‍ය බව ඔහු අවධාරණය…

ලැබ්‍රඩෝ ඒන්ජල්

2019 දී කැප් ඩෑෂ්වුඞ් සහ ඔහුගේ හුරුබුහුටි කළු ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක් වන චේලා (මිය ගිය ඔහුගේ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා සිහිපත් වීම පිණිස “චේ” සහ “ලා” එනම් ලැබ්‍රඩෝ ඒන්ජල් සඳහා ඩෑෂ්වුඞ්ගේ කෙටි යෙදුම) කැපීි පෙනෙන දෙයක් සිදු කළේය. ඔව්හූ සෑම දිනකම අඛණ්ඩව දින 365 ක්ම කඳු මුදුනකට නැග්ගෝය.

ඩෑෂ්වුඞ්ට කියන්නට හැඟීම්බර කථාවක් තිබුණි. “නරක පවුල් ජීවිතයක්” යයි සරලව පැහැදිළි කරමින් වයස…

කථාව, විශ්වාසය, හැඟීම

ෆ්‍රෙඞ්රික් බියුච්නර් සිය ප්‍රබල මතක සටහන් වන “ටෙලිං සීක්‍රට්ස්” හි සඳහන් කළේ “කථා කරන්න එපා; විශ්වාස කරන්න එපා; හැඟීම් ඇති වෙන්න දෙන්න එපා යන්න අප ජීවත් වූ නීතියයි” යනුවෙනි. එසේම “එය බිඳ දැමූ තැනැත්තාට දුක් වේවා” කියාය. බියුච්නර් තමාගේ අත්දැකීමෙන් එය විස්තර කරන්නේ “එක් හේතුවක් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නොසන්සුන් වූ පවුල්වල ලිඛිත නීතිය” එය බවයි යනුවෙනි. ඔහුගේම පවුල…